අපි ගැන

My photo
රටක දියුණුව පිළීබඳව නොයක් දෙනා විවිධ ආකාරයට කථා කරනවා. හැබැයි කවුරුත් කරන්නේ කථා කරන එක විතරයි. වෙනසකට නම් යමක් කළ යුතුමයි.

Sunday, January 10, 2010

වෙනසකට ඇරඹුම ඇරඹෙන වගයි.............!

මාතර දිස්ත්‍රික්කය පුරා විසිර පැතිර සිටින සියළුම තරුණ තරුණියන් ඒකරාශි කරමින් මාතර දිස්ත්‍රික් තරුණ සම්මේලනය පැවැත්වෙන වගයි. මෙම සම්මේලනය ජනවාරි මස 15වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සම්මේලන ආරංචි මාර්ග පවසයි. ජාතික මට්ටමේ තරුණ සම්මේලනයකට යාමට පෙර පැවැත්වෙන මෙම සම්‍මේලනය මහින්ද රාජපක්ෂ මහතා දිනවීමේ සියළු බර මාතර දිස්ත්‍රික්කය තුළ කරට ගැනීමට කටුයුතු කරමින් පවතී.

Tuesday, January 5, 2010

රටේ සංවර්ධනය.....

ශ්‍රි ලංකාව පාලනය කරන්න පත්වන කිසිම පාලකයෙකුට වසර සියයක් යනතෙක් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ ඒ සියල්ල අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඉටුකර හමාරයි...

Friday, January 1, 2010

අපි ගැන අපේ අදහස්....

මේ අපේ කට්ටිය එයාල මොකද කරන්නේ... මේ ක්ලිප් එක බලන්නකෝ..... මෙයාල කියන දේවල් ඇත්තටම කරන්න පුළුවන්ද.....?

Thursday, December 31, 2009

සුභ අනාගතයක් වෙනුවෙන්....

අපි කාලයක් බලාගෙන හිටියා අපේ අනාගතය කවුරු හරි සුරක්ෂිත කරයි කියලා. ඒ පුංචි කාලේ මොකද ඒ කාලේ අපේ අම්ම තාත්තා වැඩිහිටි අය කවුරුත් අපිව බලාගත්ත නිසා. ඒත් පහුවෙනකොට තේරුණා ඒක මුලාවක් කියලා. හැබැයි අපිත් කාලයක් මේ මුලාවේ වෙලිල හිටියා වයසින් වැඩි වුනත්. ඒ වෙනකොට අපිනම් මේක තේරුම් ගත්තත් තේරුම් ගන්න නොහැකිවුන අය හිටියා වගේම මේක ‍තේරුම් ගන්න බැරිව දුක්විඳින අයත් අපි අතරම ඉන්නවා.

කාලයක් තරුණයන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් කැරලි ගැහුවම ඒක අමාරුවෙන් නවතත්තල තරුණයන් නිසි මගට ගන්න පාලකයෝ උත්සාහ කලා ඒ ව්‍යායාමයේදී බොහෝ දේවල් අහිමි වුනත් රටට යම් දෙයක් ඉතිරිවුණා. ඒ වුනත් එදා වගේම තරුණයන් අදත් අසහනයෙන් ඉන්නවා.

හැබැයි ඒකට විසදුම් හොයන්න තබා එරෙහි වෙන්නවත්සමහර අවස්ථා‍වල තරුණ ප්‍රජාවට ඉඩ ලැබෙනවද ඒක ගැටළුවක් බවට පත්වෙලා. කොහොම වුනත් අද වනවිට තරුණයන්ට යම් දේවලට විසඳුම් හොයන්න වෙලා තියෙනවා. විසදුමක් නැහැ කිය කිය හිටිය යුද්දෙත් ඉවර කලානේ ඒ නිසා තරුණයන් තුළ යම් බලාපොරොත්තුවක් තියෙනවා තරුණයන්ගේ අනාගතය සුභදායක වෙයි කියලා. ඉතිං ඒකට රූකඩ විධියට නටන අයට අවස්ථාව දීල වැඩක් වෙන්නෙත් නැහැකියල රටේ හැම තරුණයෙක් තරුණියක්ම දන්නවා.

ඒ නිසා මාතර දිස්ත්‍රික් තරුණ එකමුතුවේ අපිත් රටේ සුභ අනාගතයක් වෙනුවෙන් පෙනී සිටින්න සූදානම්....

Monday, December 28, 2009

අපි....!















තාරුණ්‍ය වල්මත් වෙලා එහා මෙහා විවධාකාර ලෝකවල අපේ එවුන් අතරමං වෙලා.....
කරකියා ගන්න දෙයක් නැතිව අපේ කෙල්ලෝ කොල්ලෝ අසරණ වෙලා.....
මේ හින්දම අපේ කෙ‍ල්ලෝ කොල්ලො ටික එකතු කරගෙන අළුත් යමක් කරන්න ඕණෙයි කියල අපි හිතුව....
හැමදාමත් වෙනව වගේ පැල්බැඳගෙන සමාජ සේවය කරන්නයි අනුන් වෙනුවෙන් නෙවෙයි එයින් ඔබ්බට ගියපු අළුත් දෙයක් අපිට අපේම කියල යමක් කරන්න පුළුවන් දෙයක් ඒ තමයි මාතර දිස්ත්‍රික්කයේ හැමතැනම ඉන්න කෙ‍ල්ලො කොල්ලො ටික එකතු කරගෙන අළුත් එකමුතුවක් බිහි කරන්න කටයුතු කරපු එක.....

"මාතර දිස්ත්‍රික් තරුණ එකමුතුව" මේක තමයි අපේ නම අපේ අනන්‍යතාව. පසුගිය සැප්තැම්බර් මාසේ තමයි විසිරිල හිටපු අපි එක්කාසු වෙන්න තීරණය කලේ. අපේ කෙල්ලො කොල්ලන්ට තමන්ගේම කියල අදහස් උදහස් කියන්න පුළුවන් වේදිකාවක් විධියට තමයි අපි මේක බිහි කලේ.

අපි හැමෝටම හොඳ අනාගතයක් හොඳ රැකියාවක් ඕණ. කොච්චර හොඳට ඉගෙන ගත්තත් කොච්චරවත් කොම්පියුටර් කෝස් කලත් වැඩක් නැහැ. අපිට වුවමනා කරන අපි බලාපො‍රොත්තුවෙන අනාගතය අපිට ලැබෙන්නේ නැත්නම්. ඒ හින්දම එකමුතුවක් විධියට එ‍ළඹෙන ජනාධිපතිවරණයේදී අපිට පැහැබර අනාගතයක් ලබාදෙන්න පුළුවන් නායකයෙක් පත්කරගන්න සහයෝගය දෙන්න ඕන කියල අපි හිතුව ඒ හින්දම අපි රටට ආදරය කරන මිනිසුන්ට ආදරය කරන ගහවැලට සතා සිව්පාවන්ට ආදරය කරන සැබෑ මානව හිතවාදියෙක් ආයෙත් අපේ නායකයා බවට පත්කරගන්න ඕන කියන තැන තරුණ එකමුතුවේ අපි හැමෝම ඉන්නවා. අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය විජයග්‍රහනයක් කරන්න අපි හැමෝම එකතු වෙනවා.

පක්ෂ බේද , ජාති බේද , පාට බේද වලින් තොරවයි අපි මේ තීරණය ගත්තේ මොකද දැන් රටට ඕණ කරන්නේ ඇත්තටම වැඩක් කරන්න පුළුවන් කොල්ලො කෙල්ලොන්ට අනාගතයක් උදාකර දෙන්න පුළුවන් අපිටම දෙයක් කියල කරන්න පුළුවන් නිහතමානී නාය‍කයෙක්.... ඒ හින්ද තමයි අපි මේ තීරණය ගත්තේ.

අපි මේ කරන්නේ පුංචිම පුංචි දෙයක් විතරයි. අ‍පි මේ කරන දේට ඕන කරම් කට්ටිය මඩ ගහවි. අපිව විවේචනය කරාවි. අපිට ඊර්ෂ්‍යා කරාවි අපි පාගා දමාවි අපිට එළවා එළව ගහාවි. ඒ හැම එකක්ම අපේ ඉදිරි ගමනට අපිට ලැබෙන ශක්තියක් ධෛර්යයක් විධියට තමයි අපි භාරගන්නේ.

මොකද අපි තනන මේ පුංචි කැදැල්ලේ අඩිතාලම දාල ඉවරයි අපි කරන කියන දේවල් එක්ක අත්වැල් බැඳගෙන ගෙයි වහල තියන්න ඔබ එනවා නේද...?

අපි මාතර දිස්ත්‍රික් තරුණ එකමුතුව.......